දංකොටුව මැල්ලව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඉන්දියන් ජාතික සේවකයින් තිදෙනෙකු ඇතුළු 44 දෙනෙකු ( 15 ) දින කොරෝනා ආසාදිත වි ඇති බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොරෝනා ආසාදිත වි ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවේ සේවය කල ඉන්දියන් ජාතික සේවකයින් තිදෙනෙකු හා දේශීය සේවකයින් 43 දෙනෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ ඉන්දියන් සේවකයින් බහුතරයක් සේවයක කරන අතර මෙරට සුළු පිරිසක් සේවකයින් පිරිසක් සේවය කරන බවයි .
මෙම කර්මාන්ත ශාලාවේ සමස්ත සේවක සංඛ්‍යාව 174 ක් වන අතර එයින් 69 දෙනෙකු යොදා ගෙන සිදුකල ජෛව පටල පරික්ෂාවෙදි 44 දෙනෙකු ආසාදිත බව අනාවරණය වි ඇති බව කියයි.