ලොස් ඇන්ජලීස්, (ෂින්හුවා) - ඇමෙරිකාව විසින් පළමුවරට එරට කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්වූ බවට නිවේදනය කළ දිනටත් ප්‍රථමයෙන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනය වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලාරා ප්‍රාන්තය සනාථ කර තිබේ.
සැන්ටා ක්ලාරා හි හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකට අනුව එහි නිවාස දෙකකදී පෙබරවාරි 6 සහ පෙබරවාරි 17 යන දිනවල මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනව වී ඇති බවට තහවුරු වි තිබේ.
ඇමෙරිකාවේ මුලින්ම කොවිඩ් මරණයක් වාර්තා වූ බවට මුලින්ම නිවේදනය කළේ පෙබරවාරි 29 දාය. ඒ වොෂිංටන්හි ක්ර්ක්ලන්ඩ්හිදීය.
ඒ අනුව ඇමෙරිකාව කලින් සිතුවාට වඩා සති කිහිපයකට පෙර රට තුළ ව්‍යාප්ත වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අතර ඇමෙරිකාව තුළ සිදුවී ඇති මරණ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන හෙයින් එරටින් තවදුරටත් මරණ හඳුනාගනු ඇතැයි විශ්වාස කරේ.
සැන්ටා ක්ලාරා ප්‍රාන්තයේ නව කොරොන වයිරස් රෝගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ.