නාවික හමුදාව විසින් ඊයේ (2) දින වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, වයඹ නාවික විධානය විසින් කල්ලඩිය කලපු ප්රදේශය ආශ්රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දොළොස්දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 38 ත් අතර වියෙහි පසුවන කල්පිටිය සහ පල්ලියවාසලපාඩු ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතක් (07) සහ ඩිංගි යාත්රා හතක් (07) සොයා ගෙන ඇති අතර, එම තහනම් දැල්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.