2018 වර්ෂයේදී තහනම් උත්තේජක භාවිතා කළ ක්‍රීඩකක්‍රීඩිකාවන් සාපේක්ෂව වැඩි ප්රමාණයක්හඳුනාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සඳහන් කළේය.ඒ මහතා මෙසේ සඳහන් කළේ තහනම් උත්තේජක භාවිතා කළ බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපයේ සිට චෝදනා එල්ල වූ බැවින් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේපසුගිය වර්ෂයේදී (2018) සිදු කරන ලද පරීක්ෂණවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් තහනම් උත්තේජක භාවිතා කළ බවට අනාවරණය වී ඇති බවත්,එය 2017 වර්ෂයට වඩා ක්‍රීඩකයින් 04කගේ වැඩිවීමක් බවත්ය.ඒ අනුව තහනම් උත්තේජක ලබා ගැනීමේප්රවණතාවක් මෙරට තුළ ඇතිවී තිබෙන බවදහෙතෙම සඳහන් කළේය.
පසුගිය වර්ෂයේදී සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාවේ වර්ධනයද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක දැලට හසුකර ගැනීමට වැඩි රුකුලක් වූ බවද ජයවික්‍රම මහතා මෙහිදීසඳහන් කලේය. ඔහු පැවසුවේ පසුගිය වර්ෂයේදී ක්‍රීඩා 17ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 276 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි.
පසුගිය වසරේදී සිදුකළ පරීක්ෂාවලට අදාළව තහනම් උත්තේජක පරීක්ෂණවලදීතවත් මලල ක්‍රීඩිකාවක් පසුගිය පස්වැනිදාහසු වූ අතර,ඇය පසුගිය ජාතික මහා ක්‍රීඩා උලෙලේදී තහනම් උත්තේජක ලබා ගත් බවටදතහවුරු වී ඇත. එහෙත් මෙහි පරීක්ෂණයක් ඊයේ (07දා) උදෑසන පවත්වා, අදාළ ක්‍රීඩිකාව %බී^ සාම්පල පරීක්ෂාව සඳහා යොමු කිරීමටදතීරණය කළ බව වාර්තා වේ.
දකුණු පළාතෙන් බිහිවූ යොවුන් මලල ක්‍රීඩිකාවක් වන ඇය%Anabolic Steroid^ කාණ්ඩයට අයත් ඖෂධයක් ගෙන ඇති බව වාර්තා වන අතර, මෙම ඖෂධය කුමන හෝ ආකාරයක් නිසාවත් භාවිතා කිරීමට සුදුසු නොවන බව වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතාගේ අදහසයි.
මෙම ක්‍රීඩිකාව සමගින් පසුගිය වසරට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලදී තහනම් උත්තේජක දැලට හසුවූමලල ක්‍රීඩකයන් සංඛ්‍යාව 02ක් දක්වා වර්ධනය විය. මීට පෙර පසුගියදාශ්රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර කාලිංග කුමාරගේද තහනම් උත්තේජකපරීක්ෂණයෙන් අසමත්වූ අතර,ඒ පිළිබඳව සිදුකළ %බී^ සාම්පල පරීක්ෂාවෙන්ද ඔහු අසමත්විය.
මීට අමතරව රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙක්, සවි එසවීම (Power lifting)ක්‍රීඩකයින් දෙදෙනෙක්, කබඩි ක්‍රීඩකයින් දෙදෙනෙකු හා පාපැදි ක්‍රීඩකයෙකු පසුගිය වසරේදී කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත්වී ඇත.මේ අතරින් සවි එසවීමේ ක්‍රීඩකයින් දෙදෙනා, මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සහ රග්බි ක්‍රීඩකයෙකු %Anabolic Steroid^ කාණ්ඩයේ දරුණු ගණයේ තහනම් උත්තේජක සඳහා වැරැදිකරුවන් වී ඇත. වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පැවසුවේ මෙම ඖෂධ කිසි ලෙසකින්වත් භාවිතා කිරිමට සුදුසු නොවන බවයි.
මේ අතර පසුගිය වසරට අදාළව ක්‍රීඩා රැසක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාවන් සිදුකළ බවද හෙතෙම පැවසීය. එහිදී බර එසවීමේ ක්‍රීඩාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත්වී නොතිබීම සතුටට කරුණක් බවද හෙතෙම පැවසීය.
& මේක දැන් ප්‍රවණතාවයක් වෙලා තියෙන්නෙ. ගොඩදෙනෙක් බලන්නේ ඉතා ඉක්මනින් කුසලතා වර්ධනය කර ගන්න පුළුවන් මාර්ග.ඒ වගේම නොමග යාම නිසාත් මේවා භාවිතා කිරීමට හුරු වෙන්න පුළුවන්* හෙතෙම පැවසීය.
ඒ වගේම දෙමව්පියනුත් සැළකිලිමත් විය යුතුයි දරුවන් ලබා ගන්නේ මොන ඖෂධද කියන කාරණය සම්බන්ධයෙන්. ක්‍රීඩාවකදී ගොඩ දෙනෙකුගේ මතය අතිරේක ආහාර ලබා ගත යුතුයි යන්න. හැබැයි ඒ අවශ්‍ය වන ප්‍රමාණය පිළිබඳ නොදැන තමයි ඒ සඳහා යොමු වෙන්නේ. පුහුණුකරුවෙක් ඒක දන්නේ නෑ. ඒකට පෝෂණවේදියෙක් ඉන්නවා, ක්‍රීඩා වෛද්‍යවරු ඉන්නවා. ඔවුන්ගෙන් උපදෙස් ගන්න ඒකයි කළ යුත්තේ. ඒ පණිවුඩය තමයි දෙමව්පියන්ට දෙන්න ඕන* හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර මෙම වර්ෂයට අදාළව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද,මෙවර අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තරග කිහිපයකදී තහනම් උත්තේජක පරීක්ෂාව සිදුකළ බවද සීවලී ජයවික්‍රම මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.