එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන පිරිස් වෙනුවෙන් හා මධ්‍යස්ථ මත දරන ඡන්ද දායකයන් වෙනුවෙන් පුළුල් පෙරමුණක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීමේ මූලික කටයුතු ආරම්භ කළ බවත්, ලබන මාසයේ අවසාන සතියේදී එම පෙරමුණ ජනගත කරන බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ සාමාජිකයන් 40%කට වැඩි ප්‍රමාණයක් කලකිරීමකට ලක්ව තිබෙන බවත්, මීට අමතරව පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ මධ්‍යස්ථ ඡන්ද දායකයන්ද කලකිරීම්වලට ලක්ව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම පිරිස් වෙනුවෙන් මෙම පෙරමුණ පිහිටුවන බවත්, එහි නායකත්වය තමන් විසින් දරන බවත් තිස්ස අත්තනායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.