තහනම් කර ඇති තව්හීද් ජමාත් සංවිධානයේ පල්ලි වලදි දේශන පැවැත්වූ බව කියන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදි යුධ හමුදාව හා පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි අද (30දා) දින අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ 39 හැවිරිදි සිව් දරු පියෙකු වන අතර මොහු අග නගරයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බව කියයි .
අදාළ සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දි ජංගම දුරකථන සඳහා යොදා ගන්නා සිම් කාඩ් පත් 18 ක් සහ ලැප්ටොප් පරිඝනක දෙකක් සමග අයිපෑඩ් එකක් සමග අදාළ සැකකරු භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.