ශ්‍රී ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් අතරින් තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 277ක් වාර්තා වී තිබේ.
ලංකාවෙන්ම ඊයේ දිනයේදී ආසාදිතයන් 706ක් වාර්තා විය. ඒ අතරින් දෙදෙනෙක් විදෙස්ගතව මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි.
ශ්‍රී ලංකාව තුළ වාර්තවන කොවිඩ් ආසාදිතයන් අතරින් දෙවැනියට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම අගය 101කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන වාර්තාව කොවිඩි ආසාදිතයන් සංඛ්‍යාව 92ක් වන අතර එය ලංකාව තුළින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන තෙැවැනි දිස්ත්‍රික්කය වෙයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් ආසාදිතයන් 234 ඉතිරි දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.