අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් , එම එන්නත් තොගය මේ වනවිට කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ප්‍රවාහනය කර තිබේ.