චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්"එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබා ගත් ඒවා වේ .
මීට අමතරව චීන මහජන විමුක්ති හමුදාව විසින් , ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද , තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ද , මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ .
චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 05.20 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම අගෝස්තු මාසය තුළ චීනයේ සිට සයිනොෆාම් එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් ( මිලියන 07 ) ක් , ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර , ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නත් මාත්‍රා එක් කෝටි අසූ ලක්ෂයක් ( මිලියන 18 ) ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .
මෙම එන්නත් තොගය භාර ගැනීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න , ශ්‍රී ලංකා යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .