දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගී තහනම තවත් සති 5කින් එනම් එළැඹෙන ජුලි 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ගුවන් මගි තහනම ඊයේ (21දා) අවසන්වීමට තිබූ නමුත් කලාපයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේශඥ උපදෙස් මත මෙම ගුවන් මගී තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.
මෙම ගුවන් තහනම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසියන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වී දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමත්‍යංශය පැවසීය.
ඉතාලිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත මානුෂික හා සෞඛ්‍ය හේතුන් මත ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුලුවීමට ලාංකිකයන්ට හැකියාව තිබෙන බවද මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට