කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය හෙට (11දා) සිට ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමග පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09දා) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා තිබේ.
ඒ් අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
එම උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහණ පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.
ඒ් හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහණ සේවාවන් නොසපයන ලෙස අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දි තිබේ.
දුම්රිය හා බස් රථ තුළින් තම රාජකාරි සඳහා ප්‍රවාහණ සේවා ලබා ගන්නා සියලුම පුද්ගලික හා රාජ්‍ය අංහයේ නිලධාරින් මුඛ ආවරණ පැළදගැනීම හා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගැනීම මෙන්ම මාර්ගවලට කෙළ ගැසීමෙන් වැළකීම, කිවිසුම් හරින විට වැළමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගැනීම,
බස් රථ හා දුම්රිය ආසනවල ඇති ආධාරක ස්පර්ශ කිරීමේන් වැළකීම මෙන්ම ඒ්වා ස්පර්ශ කළහොත් වහාම විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සියලු සනීපාරක්ෂක විදි අනුගමනය කරන ලෙසත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.