කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය සහ එහි රියදුරා කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අද (30දා) දහවල් කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෑන් රතය මරදන්කඩවල ඉහල පුළියන්කුළම ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබේ. එය අංක 250-5680 දරණ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකි.
එම රථය පැදවූ බව කියන 46 හැවරදි අබුසාලි නසාර් නැමත්තාත් නිවසේ සිට ඇති අතර ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වෑන් රථය දැඩි පරික්ෂාවට ලක්කලත් එහි පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යක් තිබී හමුවී නැති අතර ඔහුගේ නිවසත් දැඩි සෝදිසියට ලක්කලත් එහිදීත් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා භාවිතා කළ කිසිදු උපකරණයක් හෝ පුපුරණ ද්‍රව්‍ය නොතිබූ බව පොලිසිය කියයි.
මෙම වෑන් රථය තවුහීද් ජමාත් අත්තවාදී ත්‍රස්ත සංවිධානයේ ආගම ප්‍රචාරය කිරිම සඳහා යොදා ගෙන ඇති බවත් සැකකරු කුලී පදනම මත රථය එම ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවන් වලට රථය යොදවා තිබෙන බවත් පොලීසිය කියයි.
සැකකරු විසින් පසුගියදා කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත් අන්තවාදින්ට අවශ්‍ය අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහිත මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ප්‍රවාහනය කරදී නැවතත් සූක්ෂමව කැකිරාව පොලිස් වසමේ මරදන්කඩවල ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
තිසර සමල්