ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයේ තවත් අධිකරණයක් ඉතා ඉක්මනින් පිහිටු වීමට කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අග්රාමාත්යවරයාගෙන් ප්රශ්න ඇසීමේ වටයේදී විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව ප්රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා,
"විශේෂ මහාධිකරණයක් අපි පිහිටුවා තිබෙනවා. තවත් විශේෂ මහාධිකරණයක් ළඟදීම පිහිටුවන්න කටයුතු කරනවා. නීතිපතිතුමත්, අගවිනිසුරුතුමත් විශේෂ මහාධිකරණයත් යුත්තිය සාධාරණය ඉටු කරන බවට මට විශ්වාසයි. 2018 අංක 09 දරන අධිකරණ සංවිධානය පනත අනුව මෙම අධිකරණය පිහිටුවනවා.
මේ වන විට බස්නාහිර පළාත තුළ පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණයට නඩු දෙකක් ලැබී තිබෙනවා. අපරාධ නඩු කටයුතු විශේෂ මහාධිකරණයේ ඇසිය යුතුද, නැත්ද කියා තීරණය කරන්නේ අගවිනිසුරුතුමා. දේශපාලන කරුණු කාරණා මෙතැනදී අදාළ වෙන්නේ නැහැ" යැයි පැවසීය.