රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙකු සඳහා විශයන් පැවැරීමට අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කැබිනට් අමාත්‍යවරුන් කටයුතු කර තිබේ.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තාක්ෂණ හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා වෙත ආයතන පවරා දී තිබේ.
තිලංග සුමතිපාල - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතය, ජාතික විද්‍ය හා තාක්ෂණ කොමිෂන් සභාව, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂම, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ අරමුදල, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන ලේකම් කාර්යාලය, නීල හරිත වර්ධන කාර්යංශය, දැව ආශ්රිත නිර්මාණ මධ්‍යස්ථානය, රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ඨතා මධ්‍යස්ථානය, විදාතා මධ්‍යස්ථානය
මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින අමාත්‍යංශවලට අදාළව පත්කර ඇති නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර හා නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වෙතද ආයතන පවරා දී තිබේ.
ගාමිණී ලොකුගේ - නාගරික සංවර්ධ අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව
වාසුදේව නානායක්කාර - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව,
ඉන්දික අනුරුද්ධ - නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
මෙම පැවැරීම්වලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන දෙක පසුගිය 19 දා හා 20 දා නිකුත් කර තිබේ.