මොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා සිටි කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.
කැස්බෑවාගේ කුස ප්‍රදේශය තුවාල වී ඇති ආකාරය දක්නට ඇත හිසද ගල් වල වැදී තුවාල වී ඇති අයුරු දක්නට තිබේ.
මේ වන විට එම ස්ථානයට කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධිකාරක අනුර කලංසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇති අතර වනජීවී කාර්යාලය වෙත මෙම කැස්බෑ මළ සිරුර ගැන දන්වා යවා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පරල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කැස්බෑවාද මිය යන්නට ඇතැයි සැක කරයි. මීට පෙරද එගොඩඋයනට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණි.
රේඛා තරංගනී ෆොන්සේකා