තවැත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරෙනු ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව එලඹිලා තිබෙන්නේ. තවත් පැය කිහිපයක් පමණයි ඉතිිරිව ඇත්තේ. විශේෂ ජයක් අපට ලබා ගත හැකි බව නිශ්චිතයි. එය සක්සුදක් සේ පැහැදිලියි.
යහපාලන ආණ්ඩුව තව තවත් ඉදිරියට තිබුණොත් රටේ දැන් තත්වයට වඩා අන්ත තත්වයකට පත් වන බව රටේ ජනතාව දැනුවත්. ජනතාවගේ ජීවිත වලට පවා සහතිකයක් දිය නොහැකි තත්වයකට පත් වෙන්න තිබුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර පැවති යහපාලන ආණ්ඩුව කිසිවක් සිදු කළේ නැහැ. එම ප්‍රහාරය එල්ල වීමට පෙර සියලූ තොරතුරු රජයේ වගකිව යුතු ආයතන වලට මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් වගකිව යුතු ප්‍රබල පුද්ගලයින්ට පවා සියලූ කරුණු වාර්තා වී තිබුනත්, ඒ සියල්ල වසන් කරනු ලැබුවා.
යහපාලන ආණ්ඩුවේ සිටි සියල්ලන්ටම මේ ප්‍රහාරයේ වගකීම පැවරිය යුතුයි. රටේ ජාතික ආරක්ෂාවට ඉතා විශාල හානියක්. ඊට සම්බන්ධ සියලූ වගකීව යුතු පුද්ගලයින් ප්‍රසිද්ධ මාධ්‍යයේ හෙළිදරව් කලයුතුයි. එමෙන්ම නිතී්යානුකූලව කි‍්‍රයාකල යුතුයි.
ඒවාගේම පසුගිය ආණ්ඩුව රටේ ජාතික සම්පත් විදේශ සමාගම් වලට විකුණමින්, වටිනා සම්පත් මේ රටේ ඉදිරි පරපුරට අහිමි කරමින් රට පහළම තත්වයකට පත් කළ බව රටේ ජනතාව නොදන්නවා නොවේ.
බල තන්හාව නිසා එකිනෙකා අතර කුලල්කා ගැනීමේ තත්වයන් පවා උදා වෙලා තියෙන්නේ. නව ආණ්ඩුව බලයට පත් වෙලා විධායක බලය ඔස්සේ රටේ විශාල ප්‍රගතියක් ඇති කළා. නමුත් 19 වන ව්‍යවස්ථාවේ විවිධ කරුණු නිසා රටේ විවිධ කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී තිබෙනවා. රටේ ඇති වී තිබෙන ගැටලූ වලට විසදුම් සෙවීමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආ යුතුයි.
නමුත් එසේ සිදු කරන්න බැහැ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැතිව. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වත්මන් රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම`ග එකට එක්ව කටයුතු කළ හැකි පිරිස ප්රමුඛ පාර්ලිමේන්තුවක් නිර්මාණය කර දෙන ලෙස.”