දිස්ත්රික්ක 3ක ග්රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය,මඩකලපුව,මොනරාගල දිස්ත්රික්කවල ග්රාම නිලධාරි වසම් 9ක්
එ අනුව යාපනය දිස්ත්රික්කයේ පලෙයි උතුර ග්රාම නිලධාරි වසම හුදෙකලා කර ඇති අතර මඩකලපුව දිස්ත්රික්කයේ කල්මඩු ග්රාම නිලධාරි වසම්ද මේ මෙහොතේ සිට හුදෙකලා කර ඇත.
මොනරාගල දිස්ත්රික්කයේ කිරිවැව, සෙවනගල, බහිරව, හබරත්නවෙල, හබරුගල, මහගම, ඉදිකොලපලැස්ස යන ග්රාම නිලධාරි වසම්ද මේ මොහොතේ සිට හුදෙකලා කරන බවයි යුදහමුදාපතිවරයා සඳහන් කළේ.
මීට අමතරව කොළඹ, කළුතර, ගම්පහ, යාපනය, කෑගල්ල, ගාල්ල, පුත්තලම හා අම්පාර යන දිස්ත්රික්කවල ග්රාම නිලධාරී වසම් 28ක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.ෙ