ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 41ක් වාර්තා වී තිබේ. මෙම මරණ 41ක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12දා) තහවුරු කළ මරණ වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3574ක් දක්වා වර්ධනය වී තිබේ.
ඊයේ තහවුරු කළ මරණ අතරින් 23ක් කාන්තාවන් වන අතර 18ක් පිරිමින් වෙයි. මරණ අතරින් එක් මරණයක් පමණක් අවුරුදු 30ට අඩු මරණයක් වෙයි.