ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11දා) තහවුරු කළ මරණ වෙයි.
සියලුම මරණ අවුරුදු 30ට වැඩි වන අතර කාන්තාවන් 16ක් හා පිරිමින් 15ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3533ක් දක්වා වර්ධනය විය.