ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 7 දෙනෙකු තහවුරු වී තිබේ.
නව රෝගීන් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එක් අයෙක් කනදකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත.
අනෙක් පුද්ගලයා නාත්තන්ඩියේ පදිංචිකරුවෙක් වෙයි.
ඔවුන් දෙදෙනාම කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.