ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 56ක්, බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 15ක් හා විදේශයන්හි සිට පැමිණි 49ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී තිබේ.
අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 215කි. මේ වන විට පෑලියගොඩ, දිවුලපිටිය, විදේශයන්හි සිට පැමිණි හා බන්ධාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 87693ක් දක්වා වර්ධනය වී තිබේ.