තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට(21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
කෝවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මෙම ක්රියාවලිය නැවත ආරම්භ වනු ඇත.