තෙල් ගවේෂණ නෞකාවක් ආම්පන්න සැකසුම් කිරීමක් සඳහා හම්බන්තොට වරායට පැමිණ තිබේ. මීටර් 219ක් දිගැති නෞකාව, පසු ගවේෂණ වැඩසටහනකට සූදානම් වීම සඳහා ආම්පන්න සැකසුම් කර අළුත්වැඩියා කිරීමට, මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇත.
මෙම නෞකාව, සම්පූර්ණ කාර්ය මණ්ඩලය සමඟ පැමිණියද, ශ්රීලංකා වරාය අධිකාරියේ සහ නැව අයත් ධජයේ රෙගුලාසිවලට අනුව මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ නැවෙහි රැඳී සිටින්නේ අවම කාර්ය මණ්ඩලයක් පමණි.
එමෙන්ම මෙම මෙහෙයුම් සිදු කරනු ලබන්නේ නෞකාවේ ලාංකික නියෝජිතයින් වන හේලිස් එනර්ජි සමාගමේ නාවික අංශය වන මැරිටයිම් ඒජන්සිස් පුද්ගලික සමාගමේ අධීක්ෂණය යටතේය.