තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් උදෙසා මේ මස 7,8,9 යන තෙදින තුළ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව 7 වැනි දින සවස 2.10ට මොරටුව දුම්රිය ස්ථානයේ සිට පාලාවි දුම්රිය ස්ථානය දක්වාත්, සවස 3.40ට කොළඹ කොටුවේ සිට පාලාවි දක්වාත් රාත්‍රී9.10ට පාලාවියේ සිට හලාවත දක්වාත් දුම්රිය ධාවනය කෙරේ.
මීට අමතරව 7 වැනි දින සවස 2.55 හා සවස 6.07ට පාලාවි දුම්රිය ස්ථානයේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
8 වැනි දින සවස 4.00ට පලාවි දුම්රිය ස්ථානයේ සිට මොරටුව දුම්රිය ස්ථානය වෙත දුම්රියක් ධාවනය කෙරේ. 9 වැනි දින කොළඹ කොටුවෙන් උදෑසන 9.35 හා සවස 1.10ට දුම්රිය ධාවනය වන අතර, එදින පාලාවි සිට කොළඹ කොටුව දක්වා සවස 2.55 හා සවස 6.07ට දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව සාමාන්‍ය පරිදි දිනපතා උදෑසන 4.00ට, උදෑසන 7.40ට, සවස 5.18, කොළඹ කොටුවේ සිට පාලාවි දක්වා ධාවනය වන දුම්රියන් හා උදෑසන 4.00ට, උදෑසන 10.05ට හා සවස 4.05ට ධාවනය වන දුම්රියන් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.