තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
අද දින දහවල් 12 ට පමණ හටගත් ගින්න ශීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ පිහිට වතු කම්කරු නිවාස අසලටම පැතිර ආ බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
වන වගා රක්ෂිතයට ගිනි තැබිම නිසා එම රක්ෂිතයේ සිට පහලට ගලා බසිනා ස්භාවික ජල උල්පත් රැසක්ද සිදි යාමේ අවධානමට ලක් වි ඇත.