තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරගැනීම සඳහා වතු සමාගම්වලට බලපෑම් කිරීමේ අරමුණින් ලංකා කම්කරු කොංග්රස් වතු වෘත්තීය සමිතිය විසින් උඩරට වතුකරයේ හර්තාල් ව්‍යාපාරයක් අද (05) දිනයේ ක්‍රියාත්මක කොට තිබේ.
වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීමේ එම හර්තාල් ව්‍යාපාර සඳහා සහාය දක්වන ලෙස ලංකා කම්කරු කොංග්රස් වතු වෘත්තීය සමිතිය නියෝජිතයන් හා තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව ෆාමසි හැර මෙසේ නගරයේ සියළුම කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමයේ නිලධාරීන් තීරණයකට එළඹ ඇති බවද සමරවීර මහතා වැඩිදුරටත් කීය.
ශාන් හුලංනුගේ