තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාර්ගයේ තලවකැලේ සිට මනරාසිය නගරය අසල වැඩිදියුණු කරනු ලබන පාලම දක්වා රථ වාහන ගමන් කල හැකි බවත්, පාලමෙන් ඉදිරියේ පිහිටි ආගරපතන හා ඩයගම නගර දක්වා ගමන් කිරීම සඳහා හැටන් දික්ඔය හරහා වැටී ඇති පෝඩයිස් මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කල හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ත්රීරෝද රථ, යතුරුපැදි හා පාගමනින් යන ජනතාවට පමණක් වැඩබිම හරහා කඩින්කඩ යැවීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.