ලෝක වෙළදපොළ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි දක්වා තෙල්මිල වැඩිවීමේ හැකියාව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එසේවුවද සීමාවට වඩා තෙල් මිල වැඩිවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගැනීමට සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුයේ ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී වසරමැද රාජ්‍ය මුල්‍ය වාර්තාව සම්බන්ධයෙන් පැවති කල්තැබීමේ විවාදයේ අදහස් දක්වමිනි.
ඇමරිකානු ඩොලරයේ වැඩිවීම තවදුරටත් සිදුවිය හැකි බවත් එසේ වුවද එයට ශක්තිමත්ව මුහුණ දීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“මිල සුත්‍රය හරහා තෙල් වැඩිවෙනකොට වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. අවසානවකට වගේ තෙල් මිල සුත්‍රය හඳුන්වාදුන් දවසේ ඉදන් තෙල් වැඩිවෙනවා. අපි මාසෙකට සැරයක් මිල වෙනස්කරන්නේ.
නමුත් ඉන්දියාවේ තෙල්මිල දිනපතා වෙනස් කරනවා. අපි සංවේදී ආණ්ඩුවක්. පෙබරවාරි විතර වෙනකම් මේ වැඩිවීම වැඩිවෙයි කියලා අනාවැකි කියනවා. සීමාවට වඩා වැඩි වුණොත් ආණ්ඩුව ඒකට කරගහනවා. අඩුවුණොත් ඒ සහනය අපි දෙනවා. මොන මිල සුත්‍ර තිබුණත් සීමාවට වඩා වැඩිවුණොත් අපි ඒ සම්බන්ධයෙන් වගකීම ගන්නවා.”