කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම සේවිකාවට කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක් කරන ලදි.
ඇයගේ පවුලේ පිරිසගේ පිසීආර් පරීක්ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23දා) රාත්‍රී ලැබී තිබේ. එහිදී වයස අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන්මෙ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පවසයි.