ත්‍රස්ත චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිඩ්නි විශ්වවිද්‍යාලයේ සේවය කළ 25 හැවැරිදි පුද්ගලයේක මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම විශ්වවිද්‍යාලයේම සේවකයෙක් ලබාදුන් තොරතුක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සිඩ්නි නුවර ස්ථාන කිහිපයක් පිළිබඳව සටහන් කර තිබූ පොතක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එසේම ඔහු සන්තකයේ තිබූ විද්‍යුත් උපාංග කිහිපයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.