වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.
නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරින් සහ සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු මෙලෙස අවලංගු කර ඇත. දැනට නිවාඩු මත සිටින නීලධාරින් සහ සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.
එලෙස නිවාඩු මත සිටින නිලධාරින් සහ සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතු බවද එම නිවේදනයේ සඳහන්ය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දින ගෙන ඇති බවයි.