ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
එමෙන්ම ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 6299 දෙනෙකු නිරෝධායනය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
නාවික හමුදාව තුළ අද (9) දිනය වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 409 ක් වන අතර බහුතරයක් කඳවුර තුළින් ආසාදනය වු සමාජිකයින් වෙයි.