ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
ඊයේ අනුරාධපුර ප්‍රදේශයේදී (08) රාත්‍රීයේ දී ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.