නුවරඑළිය- හැටන් මාර්ගයේ ගමන්ගත් ත්රීරෝද රථයක් පතන මංසන්ධියේදී බස් මගී ආවරණයක වැදී අද (13) සවස සිදුවු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
ත්රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හා බස් රථයක් බලාපොරොත්තුවෙන් බස් මගී ආවරණය තුළ රැදී සිටි පාසල් සිසුන් තිදෙනෙකු හා කාන්තාවක මෙසේ තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබු සියලුම දෙනා ප්රතිකාර සඳහා කොටගල ප්රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගෙන් කීපදෙනෙකු දැඩි ලෙස තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ආගරපතන ප්රදේශයේ සිට කොටගල නගරයට යමින් තිබු මෙම ත්රීරෝද රථය අධික වේගයෙන් පැමිණ හේතුවෙන් එහි රියදුරාටවේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුරින් ත්රීරෝද රථය හා බස් මගී ආවරණය දැඩි හානියට ලක්ව තිබේ.
දිඹුල- පතන පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.