නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි යුවලක් අසළ පිහිටි කැලේවැවේ දිය නාමින් සිටියදි ඊයේ (18දා) සවස දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ප්‍රසාද් දර්ශන ප්‍රේමරත්න යන තරුණයකු හා ඔහුගේ පෙම්වතිය බව කියන නාත්තන්ඩිය කහටවිල පොතුවටවන පදිංචිව සිටි 18 හැවිරිදි එම්.ඒ.ඩි. ඉෂාරා නිලක්ෂී නැමති තැනැත්තියක් බව කියයි.
මරණයට පත් දැරිය නිවසින් අතුරුදහන් වි ඇති බව ඇගේ මව් පියන් මාරවිල කොස්වත්ත පොලිසියට පැමිණිලි කර තිබූ බවද පැවසෙයි.
මරණයට පත් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මුලික රෝහලට යැවිමට පොලීසිය කටයුතු කර තිබුණි.
හිරාන් ජයසිංහ