දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටිය පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (08දා) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සෙනෙවිරත්ත මහතා කළ දැනුම් දීම සළකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා මෙම නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා කැඳවීමට නියම කළේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ලෙස සිරකිරීම, පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමට නියම කෙරිණි.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඇයට එරෙහි නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සෙනෙවිරත්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව ඇයට එරෙහි චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව දැනුම් දුන්නේය.