මොරටුව සොයිසාපුර මහල් නිවාස පද්ධතියේ එම් බ්ලොක් එකේ තුන්වන මහලේ (4)රාත්‍රි හතට පමණ ඇති වු ගින්නකින් තරුණියක් පිළිස්සී මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ අංක m 2/7 සොයිසා පුර මහල් නිවාස මොරටුව ලිපිනයේ පදිංචිව සිටි බාලසිංහම් තර්ශනා (25) නමැති තරුණියක් බව පොලිසිය පවසයි.
මියගිය තරුණිය උසස් අධ්‍යාපනය අවසන් කොට කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රසායනාගාරයක සේවය කල තැනැත්තියක බව පොලීසිය පවසයි.
මරණකාරිය සිය මව,පියා,සොහොයුරා සමග මහල් නිවසේ ජීවත්ව සිට ඇති අතර තරුණිය විසින් සිය සිරුරට තබාගත් ගින්න නිවෙසට පැතිර ඇති බව මුලික පරික්ෂණයේදී හෙළි වු බව පොලීසිය පැවසීය.
නිවැසියන්ගෙන් ලබා ගත් තොරතුරු වලට අනුව ඇය සිද්ධිය වු දින සයිනොෆාම් එන්නත ලබාගෙන සිට ඇති අතර ඒ හේතුවට ඇය සේවය කල රසායනාගාරයෙන් නිවාඩු ලබා නොදීම ගැන ඇය කනස්සල්ලෙන් සිට ඇති බව ද පොලිසිය පැවසීය.
රසායනාගාර පරිපාලනය සහ ඇය අතර නොරිස්සුම් ගති ගුණ තිබූ බවට ඇයගේ මව විසින් ලබාදුන් කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසී ය.
නිවාඩු නොලබා දින දාහතරක් පහළොවක් පුරා ඇය සේවයේ නියුතුව සිට ඇති බවත් ඒ පිළිබඳව ඇය මානසික පීඩනයක සිටි බවත් ඇයගේ මව ලබා දුන් කට උත්තරයේ වැඩි දුරටත් සඳහන් බවද පොලිසිය පැවැසීය
ගිනි ගැනීමට ලක් වු ස්ථානයේම ඇය මිය ගොස් සිටි බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න සේවීමට පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය පැවසීය.
තරුණියගේ මෘතදේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යැවු බව සඳහන් කරන පොලීසිය මෘත දේහයට පී.සී.ආර් පරික්ෂණයක් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
මෙම පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස මුල්ථාන ප්‍රධාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්ඩාර ඇතුලු නිලධාරිහු සිදු කරති.
රේඛා තරංගනී ෆොන්සේකා