උපරිම මිලක් නියම කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළ දැමිමට තිරිඟු පිටි සමාගම් ගත් තීරණයට එරෙහිව නීතිය හමුවට යැමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
ශ්රී ලංකාවේ තිරිඟු පිටි අලෙවි කරන ප්රධාන සමාගම් දෙක තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ අනුව යමින් බේකරි හිමියන්ද සිය පාන් මිල රුපියල් 2.00කින් ඉහළ දැමීමට මේ වන විටත් තීරණය කර තිබේ.