නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තුර්කිය එරට ජනතාවට එළිමහනේදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
තුර්කිය මේ වනවිට එරට තුළ වෛරසය පැතිර යාමේ දෙවැනි රැල්ලේ උපරිමය අත්විඳින අතර, දැනට රට තුළ ලියාපදිංචි වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 283,270කි.
එමෙන්ම මේ වනවිට තුර්කියෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 6,782කි.