තුර්කියේ ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් චීනයේ සීනෝවාක් හි කොවිඩ්-19 එන්නත ඊයේ (14දා) අන්කාරා රෝහලකදී ලබාගෙන තිබේ.
චීනයේ සිනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත පිළිබඳ පළමු මාත්‍රාව ලැබීමට එරට සෞඛ්‍ය අමාත්‍ය ෆරෙටින් කොකාට අවස්ථාව හිමිවීමෙන් දිනකට පසුව මෙය සිදුවිය.
තුර්කියේ විද්‍යාත්මක උපදේශක සභාව විසින් එන්නතට අනුමැතිය ලබාදීමත් සමග මෙසේ එන්නත් ලබාදීමේ කටයුතු තුර්කිය තුළ ආරම්භ විය.
ජනාධිපති එර්ඩෝගන් පැවසුවේ සෞඛ්‍ය සේවකයන් 254,000කට ඔවුන්ගේ පළමු එන්නත ලබාදී ඇති බවත්, තුර්කි පුරවැසියන්ට ඉතා කෙටි කාලයකින් එන්නත ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වනවිට වනවිට තුර්කියේ කොවිඩ්-19 ආසාදන 2,364,801ක් වාර්තා වී තිබේ.