තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් පැවසුවේ චීන සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තවත් මිලියන 10ක් මෙම සති අන්තයේදී තුර්කියට පැමිණිය හැකි බව බවය.
ඒ අනුව තුර්කිය වෙත ලැබෙන එන්නත්වල දෙවැනි කාණ්ඩය මේ වනවිට චීනය විසින් අනුමත කර ඇති බව ජනාධිපතිවරයා ඉස්තාන්බුල්හි වාර්තාකරුවන්ට පැවසීය.
කොවිඩ්-19 ට එරෙහිව එන්නත 91.25%ක් ඵලදායී බව අවසන් අදියර සායනික පරීක්ෂාවන්හි අතුරු දත්තවලින් පෙන්නුම් කිරීමෙන් පසුව, චීනයේ සීනොවැක් එන්නත් මාත්‍රා මිලියන 3ක් දෙසැම්බර් අග දී තුර්කිය වෙත ගෙන්වනු ලැබිණි.
ඔවුන් ජනවාරි 14 වැනි දින එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කර ඇති බැවින්, මිලියනයකට අධික පිරිසකට මේ වනවිටත් එන්නත් ලබාදී තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටි පුද්ගලයන්ය.
තුර්කියේ එන්නත් වැඩසටහන් සම්බන්ධීකාරක තාර්කන් මුස්තාපා යමානොග්ලු කියා සිටියේ කොරෝනාවැක් සමග එන්නත් ලබාදීමේ වැඩසටහන වේගවත්ව හා පහසුවෙන් සිදුකළ හැකි බවයි.