ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානයෙන් යෙන් බිලියනයක මුදලක් ලැබෙන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි. එසේම ගාල්ල හා ත්‍රිකුණාමලය වරායන් තුළ රාත්‍රී නාවික යාත්‍රා කටයුතු 2019 වසරේ අවසානය වන විට ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් කටයුතු අප්‍රේල් මාසය වන විට පැය 24 පුරාම සිදුකරන බවත් ඒ වෙනුවේන රේඩාර් පද්ධතිය නවීකරණය බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩියක දැක්වෙයි.