ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොබෝ දිනකින් ශ්‍රී ලංකාව සතුවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර 35 කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් 112 ක් සදහා මහල් නිවාස ලබාදීමට පැවැත්වූ වැඩසටහනට අද (17දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. තාම මේක කොහෙවත් නිවේදනය කර නැහැ. ඉන්දියානු මහා කොමසාරිස් තුමාත් එක්ක තිබුණු අර්බුද සියල්ල කතා කරලා විසඳගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඉන්දියානු මහා කොමසාරිස්තුමා ඉතාම නම්‍යශීලී වෙමින් 2017 අත්සන් කල ගිවිසුමේ තිබෙන විධිවිධාන අමතක කරමින්, කළමනාකාරීත්වය එක්ක සාකච්ඡා කරලා, වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි සියල්ලටම එකඟතාවය පළකලා.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති , 2003 සිට අපට අහිමි වුණු අපේ මහා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ත්‍රිකුණාමලය ආසන්නයෙන් යන නැව් වලින් සාතිශය බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ ඒ නිසා ඒ වෙළඳපොළ දිනාගැනීමට නම් ඉන්දියාවේ සහයෝගය අපට අත්‍යවශ්‍යයි . එම නිසා ලංකා අයිඕසි සමාගමත් සමග එකතුව ඉතාම සහයෝගයෙන් මේ තෙල් ටැංකි සංවර්ධනය කරල ලංකාවට දැවැන්ත විදේශ විනිමය උපයන තැනක් බවට, වසර අසූවක් පමණ නිදැල්ලේ ප්‍රයෝජනයක් නොගෙන තිබූ මෙම සම්පත භාවිතා කරන්නට නුදුරු අනාගතයේ දීම අපි කටයුතු කරනවා කියන එක අපි ජාතියට ප්‍රතිඥා දෙන්න කැමතියි.
ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක වසරක් බවට 2021 පත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයෙන් හම්බන්තොටත් තෙල් පිරිපහදු තුනක් ආරම්භ කරන්න වසර හැටකින් ලංකාවේ තෙල් පිරිපහදුව බිහිවෙලා නෑ. වසර හැත්තෑවක් පමණ පරණ තෙල් නල පද්ධතිය අලුත් කරන්න ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගොඩගැනීමේ කටයුත්තත් අලූත් ආයතන බිහි කරලා අලුත් නීති රීති පද්ධතියක් යටතේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
අපේ තියනවා ඩොරොඩා කියලා ළිදක්, දෙදහස් එකොළහේ දී කැනපු ඒහි ගෑස් තියනවා වසර 30කට මෙගාවොට් 1000 ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත්. බැරකියුඩා කියන ළිඳේ වසර දහයක් මෙගාවොට් 300 ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා .මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකයට ණය වෙමින් දුක් විඳිමින් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව දුක්වින්ද යුගය නුදුරු අනාගතයේ දීම අවසන් කරනවා කියන ප්‍රතිඥාව ජාතියට ලබාදෙනවා.”