ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ රිච්ටර් මාපකයේ ඒකක 3. 5 – 3.8 අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බවයි.
අද (15දා) අළුයම 12. 35ට පමණ මෙම භූ චලනය සිදුව තිබේ. හක්මන, මහකනදරාව හා පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථාන වලද අදාළ කම්පනය සටහන් වී ඇති බවද එම කාර්යාංශය සඳහන් කළේය.
මෙම කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තා වී නොමැත.