තායිලන්ත පළාත් 40කට ආසන්න සංඛ්‍යාවක් අලුත් අවුරුදු උත්සව සමයේ නිවාඩු කාලයකට පෙර බැංකොක් සහ අනෙකුත් කොරෝනා වෛරසයේ වැඩි බලපෑමකට ලක්වූ ස්ථාන හරහා ගමන් කරන පුද්ගලයින් වෙත ප්‍රවේශ සීමාවන් සහ නිරෝධායන අවශ්‍යතා පනවා තිබේ.
ඊයේ (11දා) දිනයේ එරට රජය විසින් නව ආසාදන 967ක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,000ක් ඉක්මවයි.
වෙනමම, උතුරුදිග චියෑං මායි හි සෞඛ්‍ය නිලධාරීන් විසින් තවත් ආසාදිතයන් 281ක් අද (12දා) දිනයේ ජාතික සංඛ්‍යාලේඛනවලට ඇතුළත් කිරීමට ඉඩ ඇති බවද කියයි.
බැංකොක් නගරය තායිලන්තයේ තුන්වැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය ලෙස පෙනී යන අතර මේ මාසයේ දැනට ආසාදිතයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
දිවයින පුරා 4,000 කට අධික පිරිසක් කොරොන වයිරසයෙන් රෝහල් ගත කර ඇත.
වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුක්සන් කිට්ටිසුපකර්න් පවසන පරිදි බැංකොක් විසින් රෝහල් 10ක් සූදානම් කර ඇති බව කියයි. එහිදී තායි බලධාරීන් විසින් බ්‍රිතාන්‍යයේ මුලින් සොයාගත් වෛරසයේ ඉතා බෝවන ප්‍රභේදයක් සොයාගෙන ඇත.