තායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, සිද්ධියේදී මියගිය අයගෙන් 47 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවද බලධාරීන් පවසයි.
නැගෙනහිර තායිවානයේ හුවාලියන් ප්‍රාන්තයේදී පසුගිය සිකුරාදා දුම්රිය පීළි පැනීමට ලක්වූ අතර, දුම්රිය උමං මාර්ගය තුළින් ගමන් කරමින් තිබියදී අසල බෑවුමක නවතා තිබූ මෝටර් රථයක් ලිස්සා විත් උමගෙන් එළියට පැමිණෙන දුම්රියේ ගැටීම මෙම අනතුරට හේතුව බව කියවුණි.