තායිවානය බදාදා සිට විදේශිකයන්ට රට තුළට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
වසංගතය ආරම්භ වූ දින සිට දෛනිකව වාර්තා වන වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග තායිවානය මෙම පියවරට ගොස් තිබේ.
ඒ අනුව ගෙවීගිය දිනයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 335ක් රට තුළ වාර්තා වීමෙන් පසුව මෙම තහනම පැනවී අති අතර, එම ආසාදිතයන් අතරින් 333ක්ම දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වීම ඔවුන්ගේ වැඩි අවධානයට යොමුව ඇත.
මෙම තහනම මැයි 19දා සිට ජුනි 18දා දක්වා බලපැවැත්වෙනු ඇති අතර, එම වසංගතයේ තත්ත්වය සහ එම ක්‍රියාමාර්ගවල ඵලදායීතාව මත පදනම්ව එය සකස් කරනු ලැබේ.
"හදිසි හෝ මානුෂීය හේතූන් මත ප්‍රවේශ අවසර ලබා ගන්නා පුද්ගලයන් සඳහා ව්‍යතිරේකයන් ඉදිරිපත් කළ හැකියි" යනුවෙන් මධ්‍යම වසංගතය අණදෙන මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.