දකුණු තායිලන්තයේ නාරතිවට් පළාතේ බන්ධනාගාරයක රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 112දෙනෙකු සෙනසුරාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
තහවුරු කරන ලද අය අතර රැඳවියන් 88ක් සහ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු සිටින බවත්, එක් අයෙක් හෙදියක් බවත් සඳහන් වෙයි.
සිරකරුවන් 2,334 දෙනෙකු රැඳවා සිටින මෙම බන්ධනාගාරය තුළ ආසාදන සිදුවූ ප්රභවය පරීක්ෂා කරන බවත්, දරුණු රෝග ලක්ෂණ ඇති අයව අසල පිහිටි රෝහලක් වෙත යවා ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.