තායිලන්ත රජය නිවේදනය කළේ අසැබි වෙබ් 190කට වඩා වැඩි ප්‍රමාණයක් එරට තුළ තහනම් කිරීමට කටයුතු කළ බවය.
තායිලන්තයේ සයිබර් අපරාධ නීතිය යටතේ නීතිවිරෝධී වූ අසැබි වෙබ් අඩවිවලට පිවිසීම සීමා කිරීමේ උත්සාහයේ කොටසක් මෙම වාරණය සිදුකරන බව ඩිජිටල් අමාත්‍ය පුට්ටිපොං පුන්නකාන්ත පවසයි.
ඒ අනුව මෙවැනි අසැබි වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමත් සමග එවැනි ඇතැම් වෙබ් අඩවි වෙත පැවති ප්‍රවේශය සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබේ.
කෙසේ වෙතත් මෙම වාරණය මග හැරීමට උත්සාහ කරන වීපීඑන් සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මිනිසුන්ට තෝරාගැනීමට අදහසක් ඇති බව පවසමින් මෙම වෙබ් අඩවි තහනමට එරෙහිව උද්ඝෝෂණය කරන පිරිසක් පිළිබඳවද එරටින් වාර්තා වෙයි.