පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු ඊයේ 10 රාත්‍රී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන්නාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හේමන්ත පුෂ්පකුමාර කුමාර නොහොත් ගංජා හේමන්ත 45 නමැත්තෙකි
ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචි නිවසේ නොසිට ආරක්ෂාව පතා වෙනත් නිවසක කාමරයක නිදා සිටියදී තියුණු ආයුධ දෙකක් රැගෙන එම නිවසට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු නිදාසිටි ඇද මතදීම ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඝාතනයට ලක්වූ පුද්ගලයා ගංජා ජාවාරමේ යෙදෙන්නෙක් වන අතර පුද්ගලයකු තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ වූවෙක් බවත් ඊට අමතරව ඔහුට විරුද්ධ ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වන බවත් පොලිසිය කියයි
තවද කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ද තිබෙන බවටත් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
ඝාතනයට පැමිණි පුද්ගලයන් දෙදෙනා මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ